Wednesday, July 24, 2019

මරනිය දංඩනය නීතිගත කලොත් එය සිදුවන්නේ කෙසේද​?

මරනිය දංඩනය නීතිගත කලොත් එය සිදුවන්නේ කෙසේද​?

 
Image result for මරන දඩුවම​


මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නියම කළහොත් එම දඩුවම ලබාදීමට තමන් සූදානම් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ ඒ සඳහා පහසුකම් තිබෙන බවයි. 


මරණිය දණ්ඩනයට නියම වු පුද්ගලයින් 1115 දෙනෙකු මේ වන විට බන්ධනාගාර ගතව සිටිනවා.

ඔවුන්ගෙන් 600කට වැඩි පිරිසක් සිය දඬුවමටම එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇත.

අළුගෝසු තනතුර ද මේ වන විට පවතින්නේ පුරප්පාඩුවයි. ඉකුත් වසර දෙක ඇතුලත අවස්ථා දෙකක දී මෙම තනතුර සඳහා පුද්ගලයින් බඳවා ගත්තත් ඔවුන් රැකියාව හැර ගියා.

ඒ අනුව අදාළ තනතුර සඳහා පුද්ගලයෙකු බඳවා ගැනීමට නැවත අයදුම්පත් කැඳවා තිබෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා  කියා සිටියේ. 

No comments:

Post a Comment

Pettigala Hike Kandy SriLanaka පෙට්ටිගල කන්ද (Also called Pethiyagala | Bambaragala)

About more details Visit the URL given below;  https://www.youtube.com/watch?v=U3EDfTJUMjA&t=46s           Pettigala, also known as Peth...