2009 වූ ලියොනිඩ් උල්කාපාත වර්ෂාවේදී දක්නට ලැබුනු ලියොනිඩ් උල්කාපාතයක්
මේ පරක් තෙරක් නොමැති මහා
විශ්වයේ විවිධ ආකාශ වස්තුන් ප‍්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම ආකාශ වස්තුන් සමහර අවස්ථා අවස්ථාවල දී
පෘථිවිය ට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථථිවි
ගුරුත්වාකර්ෂණය ට හසුවන මේවා
පෘථිවි වායු ගෝලය හා ගැටී පිළිස්සී විනාශ වී යන අතර, සමහර ඒවා විනාශ නොවීම පෘථිවිය මතට පතිත වේ. මේ අනුව බලන කල උල්කාපාතයක් යන්න පහත පරිදි අර්ථ කථනය කළ හැකිය.“පෘථිවි වායු ගෝලයට ඇතුළු වන අභ්‍යවකාශයේ සැරිසරන ඕනෑම ග‍්‍රහ වස්තුවක් උල්කාපාතයකි.”
ඈත අභ්‍යවකාශයේ සිට පෘථිවි වායු ගෝලයට ඇතුළු වන සියලුම ආකාශ වස්තුන් පිහිටා ඇත්තේ ගුණාංග සහිත පරිසරයක (සුළඟ නොමැති, වායු නොමැති) නිසා ඒවායේ ගුණාංග ද සෑම උල්කාපාතයකටම එක සේ පොදු ඒවා බව පැවසේ. මේ අනුව උල්කාපාතවල පොදු ලක්ෂණ ලෙස,
වායු ගෝලයත් සමග ගැටීම නිසා අධික දීප්තියකින් යුතුව දර්ශනය වීම
වායු ගෝලයත් සමග ගැටීම නිසා පිළිස්සී විනාශ වී යාම
දැක්විය හැකිය.
වායු ගෝලයක් නොමැති
චන්ද්‍රයා ගේ පස් පිටි වගෙයි යන කියමනට මූූලික වී ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන මේ ආගන්තුක වස්තූන්ය. එනම් උල්කාපාතයන්ය. සඳෙහි
වායු ගෝලය ක් නොමැත. සඳ වෙත ළංවන්න වූ උල්කාපාත සඳ වෙත ඇදී යාමේ දී ඒවා දවාලීමට තරම් ප‍්‍රමාණවත් වායු ගෝලයක් සඳ සතුව නොමැති නිසා ඒවා කෙළින්ම සඳ පෘෂ්ඨය හා ගැටේ. මෙලෙස සඳ වෙතට ඇදී එන සෑම උල්කාපාතයක්ම පෘෂ්ඨය හා ගැටීම නිසා එහි පස් කෙටීමකට ලක් වේ. ඒ හේතුව නිසා පස් පිටි බවට පත් වේ. වායු ගෝලයක් නොමැති ග‍්‍රහ ලෝකවලට ද උල්කාපාතවල බලපෑම මේ ආකාරයෙන්ම බලපායි.
මීට අවුරුදු දහස් ගණනකට පෙර අප පෘථිවියේ ජීවත් වූ විශාල උරග විශේෂය එනම්
ඩයිනසෝරයන් නම් විශාල සත්වයා වඳ වී යාමට ද බලපා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පැමිණෙන උල්කාපාතයන් ය. ඈත අතීතයේ දී පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ සුවිශාල වූ උල්කාපාතයක් වායුගෝලය තුළ ද විනාශයට පත් නොවී පෘථිවි පෘෂ්ඨයට ඇද වැටුණි. මෙය ඇද වැටීමෙන් විසිරුණු දූවිලි අංශු මගින් පෘථිවි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටීම අවහිර කිරීම නිසා ඇති වූ පාරිසරික විපර්යාස වලින් ඒ යෝධ දැවැන්ත සත්වයින් වඳ වී ගිය බවට විශ්වාසයක් පවතී.
මුළු රැයක් පුරාවට එක් උල්කාපාතයක් නොව උල්කාපාත රාශියක් දැකිය හැකිය. මේ ප‍්‍රමාණය පැයකට පහත් දහයත් අතර ප‍්‍රමාණයක් ගනී. එනමුත් මේවා අහසේ කුමන දෙසින් කුමන වේලාවක දර්ශනය වේදැයි කීම අපහසුය. මෙවැනි උල්කාපාත “අහඹු උල්කාපාත” යන නමින් හඳුන්වනු ලබයි. මේවායේ විශේෂිත ලක්ෂණයක් වනුයේ රාති‍්‍ර අහසේ ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයකින් නිරීක්ෂණය කළ හැකි වීමයි.
<img src="//si.wikipedia.org/wiki/Special:CentralAutoLogin/start?type=1x1" alt="" title="" width="1" height="1" style="border: none; position: absolute;" />
No comments:
Post a Comment