Sukhoi PAK FA or T-50 යානයට භාවිතා කර ඇති යකඩ සහ විශේෂිත වු පිටත ආවරණය නිසා මෙය Rador වලට හසු නොවන වර්ගයේ යානයක් බවට පත් කිරීමට රුසියාවේ තාක්ෂණික කන්ඩායම් සමත් වී ඇත. එසේම මෙම යානයේ ඇති හැසිරවීමේ හැකියාව ඉහල අතර එනිසාම මෙය ලෝකයේ මෙතෙක් භාවිතා වු හොදම ප්‍රහාරක ගුවන් යානය බවට පත්වීමට වැඩි ඉඩක් ඇති බව රුසියාවේ අදහසයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට සාර්ථකව අත්හදා බැලීම අවසන් කල මෙම යානය 2016 සිට නිෂ්පාදන කටයුතු ආර්ම්භ කිරීමට නියමිතව තිබුනි. නමුත් සිරියාවේ සිවිල් යුද්ධයට රුසියාව එක් වීමත් සමගම Sukhoi PAK FA යානය සිරියාව තුල තවදුරටහ් අත්හදා බලන්නට රුසියාව බොහෝ දුරට ඉඩ ඇති බව විචාරකයින්ගේ මතයයි. කෙසෙවෙතත් මේ වනවිට රුසියාව භාවිතා කරන Sukhoi Su-27 හා Mig-29 යානා ඉවත් කර Sukhoi PAK FA යානා වලින් රුසියානු ගුවන් හමුදාව සකස් කිරීමට රුසියානු රජය තීරණය කර ඇත.
ඉන්දියාව විසින් ඩොලර් බිලියන 25ක් මෙම ගුවන් යානා සදහා අයෝජනය කිරීමට රුසියානු රජය සමග එකග වී ඇත. එම එකගතාවයට අනුව සමහර ගුවන් යානා එකලස් කිරීම ඉන්දියාව තුල සිදුවනු ඇත.
No comments:
Post a Comment